ආදරය (The Love)
#කෙල්ලෙක්_නම්_කියෝපන්..
ඌ කියනවා නේද උබට ඌ
පන ඇරගෙන ආදරේ කරා කියලා..
ඒත්,
උබට ඒ ආදරේ දැනෙන්නෙ නැතුව ඇති නේද..
උබත් ඒ විදියටම ඌට මැරීගෙන ආදරේ කරන්න ඇති,
උබ දුන්නු ආදරේ එයාගෙනුත්
උබ ඒ විදියටම බලාපොරොත්තු වෙන්න ඇති නේද..
මේ අහපන්..
උබ අම්මෙක් වගේ
උබේ කොල්ලගැන නිතරම හොයලා බැලුවා ඇති...
උබ අම්මෙක් වගේ එයාගෙන් කෑවද බෙහෙත් බිව්වද අසනීප උනාම නිතරම ලඟට වෙලා
සනීප වෙනකම් උබත් නොකා
එයා ලඟටම වෙලා ඉන්න ඇති නේද..
ඔව් ඒ උබ ගාව තියෙන්නෙ අම්මා කෙනෙක් දෙන ආදරේ නිසා...
ඒත් උබ රන්ඩු වුනා නේද,
උබලා දෙන්නා ආදරේ කරපු කාලෙදිම දුන්නු ආදරේ දැන් උබෙ කොල්ලා ගාව නෑ කියලා..
උබ අම්මා කෙනෙක් වගේ ආදරේ දෙනකොට,
ඌ උබට ආදරේ දෙන්න ඇති තාත්තා කෙනෙක් වගේ..
කොල්ලෙක්ගෙ ඇස් දෙකකින් කඳුලු එනවයි කියන්නෙ..
හරියට ගලක් දෙබෑවෙලා වතුර ගලනවා වගේ අමාරු දෙයක්..
කොල්ලො වචනෙන් කිය කිය ආදරේ කරන්නෙ නෑ බං..
ඌත් හරියට ආදරේ කරන්නෙ තාත්තා කෙනෙක් වගේ..
උබට සැර කරන්නෙ උබට ආදරේ නැති නිසා නෙමේ
තාත්තා කෙනෙක් දුවෙක්ව ආරක්ශා කරන්නෙ,
දුවටත් හොරාම..
ඇස් දෙකට කදුලු ආවට තාත්තා කෙනෙක්ට
කවදාවත් තමන් අඬනවා කියලා දුවට පෙන්නන්නෙ නැ...
උබමයි තේරුම් ගන්න ඕනේ කෙල්ලෙ..
හරි තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන්න ඕනෙ ආදරේ
තාත්තාට වචන කරලා ආදරේ දෙන්න බැරි උනාට අම්මට වගේ...
නොකියම ඇගිල්ලෙන් ඇන ඇන නොකිව්වට
කෙල්ලෙක්ට ඇත්තටම ආදරේ කරන්නෙ ඒ වගෙ කොල්ලෙක් බං..
නිතරම ආදරේයි කියන කොල්ලා නෙමෙ..
තාත්තා කෙනෙක්වගෙ ආදරේ දෙන කෙනෙක් හොයාගනිම්
අන්න එදාට උබත් ඒ පිරිමියට ගරු කරලා
ඉදපන්..
ජීවිතේ ලස්සන වෙන්නෙ එතකොට..
-විහා
වැරදීතියේනම් සමාවෙන්න 💔💔
Comments
Post a Comment