ගැහුවොත් කුඩු දවසක වෙයි උඹත් කුඩු







ගහන පලවෙනි දවසේ පට්ට ආතල් මහන්සිය කොහේ ගියාද නෑ, අරක්කු බීවා වගේ වැනෙන්නේ නෑ, කෙල්ලත් එක්ක කතා කරන්න කරන්න තව ආදරේ හිතෙනවා, මාරම ෆීලින් එකක් දැනෙනවා, අපි කලිං ගත්ත ආතල් මොනවද හිතෙනවා
දෙවනි දවසේ බයේ ඉන්නවා සික් වෙයි කියලා, මොන සික්ද, කිසිම අමාරුවක් නෑ, කට්ටිය ඔය කියන තරම් මේකට සික් නෑ මේක තමන්ගේ හිත තමා කියලා එකට කුඩු ගහපු උන් එක්ක කතා වෙනවා, මේක හැමදාම ගහන්න ගියාම තමා කෙලවෙන්නේ ආතල් එකට ඉදලා හිටලා ගැහුවට අවුලක් නෑ යාලුවොත් කියනවා ඉතිං ආය සෙට් වෙලා ආය ගහනවා ඉද හිට..
ටික දවසක් ගහද්දි හිතෙනවා අරක්කු බොන්නේ කොන්ද පණ නැති එවුන්, කුඩු ගහන එකා තමා වීරයා ඒකේ ආතල් එක දන්නේ නෑනේ කවුරුත් බේබද්දොන්ට ඕවා කියලා වැඩකුත් නෑ ඕකුන්ට තේරෙන්නේ නෑ අපි ගන්න ආතල් එක, ඕකුනට කුඩු පට්ට ආතල් කීවොත් පහුවදා ඉදන් ආය කතා කරන එක්කුත් නෑ ඒ තරම් බයගුල්ලෝ ඕකුන් ඒක නිසා උන්ගෙන් ඈත් වෙලා මේ ඉන්න උන් ටිකත් එක්ක සැප ගන්න ඕන අර වගේ බේබද්දො හලලා දාන්න ඕන, තමන් ගහන කුඩ පට්ට විදියට ස්වයංසාධාරනීකරනය කරගන්නවා. එතකොට ඌ කුඩු වලට පට්ට ආදරෙයි සික් කියන දේ අහලකවත් නෑ අපිට තාම සික් නෑ බං අපි ලිමිට් එකට ගහන නිසා ඔය වගේ ඒවගෙන් හිතත් බේර ගන්නවා.
ඔහොම යද්දී ඇග එහෙම ටිකක් කහන්න ගන්නවා, ඉස්සර සිගරට් දෙක තුනක් බීව එක දැන් සෑහෙනට වැඩී, නීතී විරෝධී පාරේ තව තව යද්දී තව තව නීතී විරෝධී දේවල් සෙට් වෙනවා, පිල් දානවා, LSD දානවා, ඉතිං ඕවගේ පහුවදා අමාරුව යවන්න කුඩු ඕනේ නැත්තං හෙන ගැහුවා වගේ, පිල්,LSD දාපුවාම ඉතිං ආය ඒ මනෝ ලෝකෙන් එන්න හිතෙන්නේ නෑ, ඔහොම යන එකා ඌ දන්නෙම නැතුව වෙනම ලෝකෙකට ගිහින් ඒ ලෝකේ ඉන්න උන් එක්ක ඇරෙන්න අනිත් උන් පේන්න බෑ, අරක්කු ගදටත් වමනේ යනවා, ගන්ජා දුමක් දුරින් වැදුනත් මස්තේ ගහනවා ගන්ජා ගහන්න නම් පිල් එකක්වත් දාන්න ඕන අමුවෙන් බෑ ඔහොම තමා කතාව.. ඌ නිකන් අර කුඩු වල ෆීලින් එකට ඇබ්බැහි වෙලා ඒකත් එක සික් එකක් තමා ඒත් නියම සික් එක නෙවේ.
අර රසේට ඇබ්බැහි උන එකා ඉතිං අද විතරක් ගහනවා ආයේ හෙට ඉදං යාලුවෙක්වත් හම්බෙන්න එන්නේ නෑ දවස් කීපයක් යනකන් නිවාඩු දාලා හරි ගෙදර ඉන්නවා කියලා හිතං අදට විතරක් ගහනවා, ගහින් යාලුවොන්ටත් කියනවා 'ඒ බං මේ අපි මේක හැමදාම ගහලා හරියන්නේ නෑ බං ටික දවසකට නවත්තමු,කට්ටිය සෙට් නොවී ඉමු' යාලුවොත් 'ඔව් ඔව් මාත් කියන්න හිටියේ ටික දවසකට සෙට් නොවී ඉමු, ආයේ ඉදලා හිටලා සෙට් වෙමු' ඔය වගේ බයිලා තමා, 'බලපන්කෝ සල්ලි කීයක් ඉවරද මේ මගුලට', 'මෙහෙම ගියොත් අපිත් සික් කාරයෝ වෙනවා', ඔහොම තමා ඉතිං කට්ටියගේ කතාව හැමදාම ගහන්න ගත්තාම, හැමදාම අරක්කු බොන අයත් එහෙමනේ බීපූ වෙලාවට කියනවා හෙට නම් බොන්නේ නෑ කියලා,අරකත් ඒ වගේ තමා ගහපු වෙලාවට ආයේ හෙට නම් ගහන්නේ නෑ කියනවා ඒත් පහුවදා අදට විතරක් වෙනවා මොකද ඇගේ කැහිල්ල එනවා ගෙදර ගියාම නිනද යන්නෙත් නෑ ඔය හින්දා සති අන්තේ නොගහ ගෙදරම ඉනනවා දවස් දෙකක් නොගහ හිටියා නම් ආසාව මග ඇරෙයි හිතාගෙන සිකුරාදා කාටත් හොරෙන් සති අන්තෙට බඩු අරන් ගෙදර යනවා.
දැං දැං ටික ටික ඇගේ අමාරූ, කන්න බෑ බඩ වෙච්ච ගෑනූ වගේ ගෙදර කෑම අප්පිරියයි,සිහිය නෑ නිදිමත වගේ කොයිවෙලේත්, ඔෆිස් එක්ක වැඩ නම් එතන ඉන්න හිතෙන්නේ නෑ, ඔෆිස් එකේ එවුන් දිරවන්නේ නෑ, ඌ උගේ මනසින් පට්ට කුඩු කාරයෙක් වෙලා මහා ලොකු අමාරුවකුත් නෑ ඒත් හිතෙන් ඌ ඌවම සික් කරගන්නවා, මේක නම් හතුරෙක්ටවත් දෙන්නේ නෑ, ශික් මල ජරාව කියාගෙන මාරම කුඩු කාරයෙක් වෙනවා හිතින් මං අර කලින් කීව කුඩු වීරයා වෙනවා.. ඔහොම යද්දී රස්සාව කරන තැන ප්‍රශ්න සිහිය නැති නිසා, කොහොම උනත් වැඩ කරන්න හිතෙන්නේ නෑ.
දැං ඉස්සර හවසට විතරක් ගහපු එකා උදේටත් ගහනවා, ගහලා රස්සාව කරන්න බෑ සිහිය නෑ ප්‍රශ්න පිට ප්‍රශ්න, සල්ලිත් නෑ ගහන්න පඩියත් මදි වටේ ඉන්න උන්ගෙන් ණයට ගන්නවා, ගෑනිගෙන් ඉල්ලනවා, ඉල්ලන්න පුලුවන් හැමෝගෙන්ම ඉල්ලලා අද විතරයි හෙට නෑ හිතාගෙන හැමදාම ගහනවා.
ඔහොම යද්දී රස්සාව එපා වෙනවා,ඇගෙත් එක එක කැක්කුම් එක විදිහට ඉන්න බෑ මේක හරියන්නේ නෑ වෙන නිදහස් තැනක එකක් හොයාගන්න ඕන කියලා රස්සාවෙනුත් යනවා,නැත්තං අයින් කරනවා දෙකෙන් එකක් වෙනවා ෆීල්ඩ් ජොබක් කරාත් ඔය ටිකම තමා.. අන්තිමේ ණයට ගන්නවා තියෙන ඒවා උකස් කරනවා නැත්තට නැති වෙනවා, මිනිහා නැත්තට නැති උනාම තමා ඌ නියම කුඩු කාරයා වෙන්නේ ප්‍රශ්න වැඩි වෙන්න වෙන්න අර ආතල් එක තව ඕනේ හිත නිදහස් වෙන්න එතකන් ඌට ගොඩ යන්න පුලුවන්, ඒත් ඌ හිතෙන් මට ටිකට් එකක් ඇදෙයි මේවගෙන් ගොඩ යන්න හිතාගෙන තව තව අර වලටම යනවා.. ඒ වලට ඇදලා ගන්න බලාගෙන ඉන්න උනුත් ඉන්නවා ඉතිං ගොඩ එන්න ඕනේ උනත් ගොඩ නම් එනවා බොරු අරුන් ඉන්නකං..
ඉස්සර හිටපු ඇග පිරුන එකා වෙනුවට දැං කෝටුවක් වගේ ඇග බැහැලා පණ නැති එකෙක්, කාත් එක්කවත් කතාවක් නෑ, කන්න බෑ බීම ජාති ෂෝටීස් විතරයි, කවුරුත් කතාකරනවට ආස නෑ මග අරිනවා, දත් මදින්නේ නෑ කට තුවාල වෙනවා..
දැං නියම කුඩු කාරයා නියම සික් කාරයා, කුඩු නැති උන ගමන් ඇඩෙන්න එනවා ඇස් දැවිල්ල, නහයෙන් හොටු ගලනවා, කොන්ද රිදෙනවා, උරහිස් රිදෙනවා කුඩු නැත්තං ඉන්න බෑ, වේදනාව නැති වෙන්න කොහෙන් හරි සල්ලි හොයන් කුඩු ගහන්නම ඕන, සමාජෙට යන්න බෑ කුඩු කාරයා කියලා කපනවා, ගෙදර තියෙන ඒවා විකුනගෙන ගහනවා, අන්තිමේ ගෙදර විකුණන්න දේකුත් නෑ, අන්තිමේ කුඩු විකුනන්න, නැත්තං හොරකම් කරන්න,ගෙදර මිනිස්සුන්ට ගහලා සල්ලි ගන්න මොන ලෝකෙන් මොන දේ කරලා හරි සල්ලි ඕනේ එච්චරයි... ඉස්සර එකට ගහපු එවුන් සෑහෙන වෙනස් සල්ලි තියෙනවානම් තමා යාලුවෝ, අන්තිමේ කුඩු නැතුව වතුර උගුරක් බීගන්න බැරි තැනට වැටෙනවා අපා දුකක් පොලව උඩ ඉදන් විදිනවා..
කියන්න තියෙන්නේ මෙච්චරයි, තමං දන්න එකෙක් මං කියන විදිහට හැසිරෙනවා නම් පුලුවන් තරම් උත්සහ කරන්න ගොඩ ගන්න මුලදිම, ඌ තමන්ගේ එකෙක් නෙවෙ නම් අතෑරලා දාන්න ආය හතර මායිමට ගන්න එපා කතා කරන්නත් එපා, උගේ තත්වේ උගේ කාටහරි කියන්න ඒ අයට ඕනේ නම් හදාගයි නැත්තං අල්ලලා දෙන්න පොලීසියට.. තමංගේ එකෙක්නම් ඔය අන්තිම තැනට වැටෙන්න කලින් දැනගත්තොත් ගහනවා කියලා ඌ මොන රස්සාව කරත් රස්සාවෙන් අයින් කරගන්න, කොහේවත් යන්න දෙන්න එපා කොයි වෙලෙත් ඇහැ ගහගෙන කාමරේටම කොටු කරලා බල්ලෙක් වගේ තියාගන්න ඕනේ අවුරුද්දක්වත්, ඇහැ ගහන් ඉන්න ඕන ගෙදරින් පැනලා ගියොත් හරි එල්ලිලා මැරුනොත් එහෙම.. බැරිනම් අර පුනරුත්තාපනය කරන තැනකට යවන්න ඕනේ, එහෙම හරි ගොඩ දාගන්න.. ඒක නිසා තමන්ගේ ළමයි, සහෝදර සහෝදරියෝ ගැන හොදට බලාගෙන ඉන්න කවුද ආශ්‍රය කරන්නේ කියන එක විශේෂයෙන්.. කොහොම හොදට හිටියත්, මූ නොකා ඉදලා කෙට්ටු උනා කියලා හිතන්නේ නැතුව හොයලා බලන්න.. ඊයම් කොල එහෙම ලග තියන් ඉන්නවද, සිගරට් ගද්දී පෙට්ටි ඉල්ලන් යනවද, ටූත්පික් එහෙම තියන් ඉන්නවද, සිගරට් පෙට්ටියක් අහු උනොත් ඇතුලේ ඊයම් කොලේ නැද්ද, ඔය වගේ හොයලා බලන්න තමන්ගේ එකා එහෙම නෑ කියලා හිතන්නේ නැතුව.. මොකද ඇබ්බැහි වෙලා සික් කාරයෙක් උනාම ඌ තමන්ගේ එකාව දන්නේ නෑ, කුඩු ගන්න සල්ලි දුන්නේ නෑ කියලා තමන්ගේ අම්මා තාත්තා මරපු උන් ගැන අහලා ඇති,ගහන එක නවත්තන්න කීවා කියලා අම්මට තාත්තට ගහපු උන් ගැන අහලා ඇති.. මුලදිම හදාගන්න ලේසී පස්සේ පසුතැවෙන්නේ නැතුව,දුර යනකන් මගේ එකා එහෙම නෑ හිතන්න එපා කොයි එකාත් ඇබ්බැහි වෙනකන් එහෙමයි මගේ එකා මං හිතුවෙවත් නෑ වගේ ගොං වෙන්න අන්තිමේ මගේ එකාම පිහයෙන් අනී..
ගහන එකෙක්ට මේවා කියලා වැඩකුත් නෑ.. හැදෙන්න ඕන එකෙක් ඉන්නවා නම් මුලින්ම යාලුවෝ ටික අතෑරලා දාන්න ඕන උනුත් හදාගෙන මාත් හැදෙන කතා බොරු, යාලුවෝ සේරම අයින්ම කරන්න ඕන ටිකක් දවස් රස්සවෙන් අස් වෙලා හරි සතියක් දෙකක් මාසයක් අවුරුද්දක් හරි මං කරේ වැරදි දෙයක් කියලා හිතෙනකන් ගෙදර හිටපන් දවසෙන් දෙකෙන් ඔය අමාරු හොද වෙන්නේ නෑ,ඉදලා හිටලාවත් ඒක ඕනේ නෑ කියන තැනට එනකන් ඉන්න ඕන, එකට කුඩු ගහන උන් ආයේ ජාති ජාතිත් හම්බෙන්න එපා කියලා හැදියන්, සමාජෙන් කොන් නොවී අද නෑ හෙට කියන එක අයින් කරලා අදම පටන් ගන්න ඕන දවස දවස යන්නේ වලටමයි කල් දාන්නේ නැතුව තමන්ට ආදරේ විශ්වාස කෙනෙක්ට කියලා හරි වෛද්‍යවරයෙක් හම්බෙලා මොන මගුල කරලා හරි අතෑරගනින්.. පළවෙනිම දේ කුඩු යාලුවොන්ගෙන් සදහටම වෙන් වෙන එක, මොන පුනරුත්තාපනය වෙලා ආවත් ආය ආශ්‍රය කරන්නේ උන් නම් ඉන්නේ වලේ.. එහෙම උන්ගෙන් ඈත් වෙයන් දැනට ගහන්නේ නැති එකෙක් හරි ඌ උබට ගෙනත් දෙන්න කලින්, ඌ හදන්න යනවට වඩා ඒක හොදයි.. කුඩු ගහන්නේ නැත්තං කුඩු ගහන උන් ලගින්වත් යන්න එපා කවුරුත් හදන්න එපා තමං බේරියන්.. අන්තිමේ අරූ මට ඇරියනේ කියන්නැතුව..

උපුටා ගැනීමකි

Comments

Popular Posts